― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජාසන කතාව අතර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

රාජාසන කතාව අතර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

නව වැනි පාර්ලිමේන්තුවේ හතර වන සභා වාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ රාජසන කතාව වර්ජනය කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද කටයුතු කළා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේදී රාජාසන මේනියාව වශයෙන් පවසමින් ඔවුන් සභා ගර්භයෙන් ඉවත්ව ගිය බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කර රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එම අවස්ථාව වර්ජනය කළා.

ජනාධිපතිවරයා කතාව ආරම්භ කරන විට ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප සභා ගැබෙන් පිටව ගියා.