― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමුද්දර අලෙවිය ඉහළට

මුද්දර අලෙවිය ඉහළට

මුද්දර අලෙවිය ඉහළ ගොස් ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

වැඩ බලන තැපැල්පති රුවන් සත්කුමාර පැවසුවේ 2021 වසරට සාපේක්ෂව ඉකුත් වසරේ (2022) අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වූ කාලයේදී මුද්දර අලෙවියේ ආදායම රුපියල් මිලියන 742කින් වැඩිවී තිබෙන බවයි.

සාමාන්‍ය ලිපි යැවීමේ යම්කිසි අඩුවක් ඇතත්, ලියාපදිංචි ලිපි යැවීමේ අඩුවක් නොමැති බව පැවසූ වැඩ බලන තැපැල්පතිවරයා කියා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුව තොරතුරු තාක්ෂණය සමග ඉදිරියට ගමන් කරමින් සිටින බවයි.