― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldතුර්කි භූ කම්පනයේ මරණ දසදහසට ළඟාවෙයි

තුර්කි භූ කම්පනයේ මරණ දසදහසට ළඟාවෙයි

තුර්කියට සහ සිරියාවට බලපෑම් කළ ප්‍රබල භූ කම්පනවලින් මියගිය සංඛ්‍යාව දස දහසට ආසන්න වී තිබෙනවා.

මේවන විට රටවල් දෙකෙන්ම වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 9600ක්. තුර්කියේ, සිරුරු විශාල ප්‍රමාණයක්, බ්ලැන්කට් සහ ඇඳ ඇතිරිලිවලින් ආවරණය කර ඇති අතර අනෙක් ඒවා බෑග්වල, දමා රෝහල් අසළ බිම දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සඳුදා ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8ක කම්පනය 1999 වසරෙන් පසු සිදුවූ ප්‍රබලතම කම්පනය ලෙසට සැලකෙනවා. සිරියාවේ සහන කණ්ඩායම් අනතුරු ඇඟවූයේ දිවි ගලවා ගත් අය ප්‍රකාශ කළ පරිදි තවමත් උපකාර ලැබී නොමැති පිරිස් සිටීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

තුර්කියේ මරණ සංඛ්‍යාව 7,100 ඉක්මවා ගොස් තිබෙනවා. දැනටමත් වසර 11 ක යුද්ධයකින් විනාශ වී ඇති සිරියාවේ, රජය සහ කැරලිකරුවන් විසින් පාලනය කරන ලද වයඹ දෙසින් ක්‍රියාත්මක වන ගලවා ගැනීමේ සේවාවට අනුව, තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 2,500 කට වඩා වැඩි බව සඳහන්ය.

තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් විසින් පළාත් 10ක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. නමුත් හානියට පත් තුර්කි නගර කිහිපයක පදිංචිකරුවන් චෝදනා කරන්නේ බලධාරීන්ගේ මන්දගාමී සහ ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.