25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනේ

දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනේ

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින්, දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට අයදුම්පත් කැඳවා තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරනවා..

ඒ සඳහා රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවයේ නිරතව සිටින වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයදුම් කළ හැකි බවද අධ්‍යාපනය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

දැනට උසස්පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් කඩිනමින් පිරවීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර ඉන් පසුව ඉතිරිවන අනෙකුත් පුරප්පාඩු සඳහා සෙසු උපාධිධාරීන් බඳවාගැනීමට කටයුතු කරනු ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.