― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිනිසුරුවරුන්ගේ වැටුප් ගැන අධිකරණ නියෝගයක්

විනිසුරුවරුන්ගේ වැටුප් ගැන අධිකරණ නියෝගයක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අඩු කිරීම වළක්වමින් පනවා තිබූ තහනම් නියෝගය, අදාළ පෙත්සම් සලකා බලන තුරු දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

සිය වැටුප්වලින් අදාළ බද්ද අඩු කිරීම නීති විරෝධී යැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසිනුයි මෙම පෙත්සම් 2 ඉදිරිපත් කර තිබුණේ.

සෝභිත රාජකරුණා, ධම්මික ගනේපොල සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යි මෙම පෙත්සම් කැඳවනු ලැබුවේ.

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වමින් අභියාචනාධිකරණය පසුගියදා අද දින තෙක් බල පැවැත්වෙන පරිදි තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණා.