― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකාශ්‍යප රජුගේ සීත මාළිගාවේ දොර මාර්තුවේදී ඇරේ

කාශ්‍යප රජුගේ සීත මාළිගාවේ දොර මාර්තුවේදී ඇරේ

කාශ්‍යප රජු පදිංචිව සිටි සීගිරියේ ‘සීත මාලිගාව’ ලබන මාර්තු මාසයේ සිට දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව සලසා දෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ පැවසීය.

සීගිරිය පර්වතය නගින විට හමුවන පොකුණු හතර පසුවනවාත් සමග දකුණු දෙසට මීටර් 50 ක් පමණ ගමන් කරද්දී සීත මාළිගාව පිහිටි ස්ථානය දැකගත හැකිය. දැඩි වියළි කාලගුණයක් සහිත කාලයේදී කාශ්‍යප රජු මෙම සීත මාළිගාව භාවිත කළැයි සැලකේ.

කඳු ගැටයක් වැනි ස්ථානයක සීත මාළිගයේ නටඹුන් දැකිය හැකි නමුත් මාළිගය වටා පවතින විශාල කාණුව නිසා ඊට පිවිසීමට නොහැකිය. මෙම කාණුව හරහා පාලමක් යොදා සංචාරකයන්ට සීත මාළිගාව නැරඹීමට අවස්ථාව සලසා දෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.