27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොවැක් ජොකොවිච් ඖෂධ සමාගමක් මිලට ගනියි

නොවැක් ජොකොවිච් ඖෂධ සමාගමක් මිලට ගනියි

කොවිඩ් එන්නත ලබා නොගැනීම හේතුවෙන් පසුගියදා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ලෝක අංක එකේ ටෙනිස් ශූරයා වන නොවැක් ජොකොවිච් සහ ඔහුගේ බිරිඳ විසින් ඩෙන්මාර්කයේ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක කොටස් 80%ක් මිලදී ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

QuantBioRes  නම් එම සමාගමේ අරමුණ වන්නේ කොරෝනා වෛරස ආසාදිතයින්ට සුදුසු ප්‍රතිකාර ක්‍රමවේදයක් වැඩි දියුණු කිරීමය.ඔවුන් විසින් එම සමාගම 2020 වසරේදී මිලදීගෙන තිබුණ ද ඒ සම්බන්ධයෙන් නිවේදනය කර ඇත්තේ අද බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එම ඖෂධ සමාගම මිලදී ගැනීමට කෙතරම් මුදලක් වැය කළේද යන්න මෙතෙක් හෙළිකර නොමැත. එම ඖෂධ සමාගම විසින් ‘පෙප්ටයිඩයක්’ දියුණු කරමින් සිටින අතර එමගින් කොරෝනා වෛරසය මිනිස් සෛලයට ආසාදනය වීම වළක්වන බව විද්‍යාඥයෝ පවසති.