― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපණු පොහොරවලට ඉල්ලුම වැඩි වෙයි

පණු පොහොරවලට ඉල්ලුම වැඩි වෙයි

මාකඳුරේ කෘෂිකර්ම පර්යේෂණායතනය විසින් නිෂ්පාදනය කරන පණු කොම්පොස්ට් පොහොර සඳහා ගොවි ජනතාවගෙන් ඉහළ ඉල්ලුමක් පවතින බව එම කෘෂිකර්ම පර්යේෂණායතනයේ කෘෂි විද්‍යාඥ ප්‍රියංගා දිසානායක මහත්මිය පැවසුවාය.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා මාකඳුරේ කෘෂි පර්යේෂණායතනයට කටයුතු නිරීක්ෂණය සඳහා සහභාගි වූ අවස්ථාවේ දි. එහි දී පණු කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කෙරෙන ඒකකයේ කටයුතු අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

අපේ පරිසරයේ බහුලව වෙසෙන Eisenia Fitida නැමැති ගැඩවිල් විශේෂය යොදා ගනිමින් මෙම කොම්පොස්ට් පොහොර නිපදවනු ලබයි. සාමාන්‍ය කොම්පොස්ට් හදන ක්‍රියාවලියට වේගවත්ව පණුකොම්පොස්ට් ක්‍රියාවලිය වේගවත් වන අතර පණුවන් තුළින් සිදුවන ජීර්ණ ක්‍රියාවලිය වේගවත් වන නිසා පණු කොම්පොස්ට් නිෂ්පාදනය වේගවත් වේ.

මේ වනවිට මාසයකට මෙම පණු කොම්පොස්ට් මෙට්‍රික් ටොන් තුනක් පමණ මාකඳුරේ කෘෂි පර්යේෂණාතයතනය විසින් නිපදවනු ලබන අතර ඒවා ගොවීන්ට ද පර්යේෂණායතනයේ වගා කර ඇති බෝග සදහා ද යොදවනු ලබයි.

මීට අමතරව පණු කොම්පොස්ට් නිපදවීමට කටයුතු කරන ගොවීන් සඳහා පණුවන් ලබා දීම ද සිදු කරනු ලබයි.

වසවිසෙන් තොර ආහාර බෝග නිෂ්පාදනයේ දී මෙම Vermicompost තාක්ෂණය ඉතාමත් වැදගත් වන බව සඳහන් කළ කෘෂි විද්‍යාඥ ප්‍රියංගා දිසානායක මහත්මිය පණු පොහොර සඳහා දැනට ගොවි ජනතාව තුළ ඉහළ උනන්දුවක් පවතින බව ද කීවාය.