― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත කඩිනමින්

නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත කඩිනමින්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් ගෙන ඒමට යෝජිත නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීම සදහා කඩිනමින් සකස් කරන ලෙස අධිකරණ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මේ වන විට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වර්තමානයට ගැළපෙන පරිදි යාවත් කාලීන විය යුතු බැවින් එම කරුණු හා දේශිය ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉල්ලීම් ද සැලකිල්ලට ගනිමින් පුරවැසි අයිතීන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන ආකාරයට ජාතික ආරක්ෂක පනත සකස් කිරීමට යි රජය පියවර ගෙන ඇත්තේ.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක (නීති) ලේකම් පියුමන්ති පිරීස්, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක නීති කෙටුම්පත් සම්පාදක ඩී.ඩී.කුලසේන යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරන අමාත්‍යාංශය, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා නව පනත් කෙටුම්පත සකස් කිරීම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, ජනාධිපති නීතිඥ, නලින්ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගෙන් සම සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් විසින් සකස් කර තිබෙනවා.