― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsෂාෆ්ටර්ගේ ඥාතීන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රතික්ෂේප කරයි

ෂාෆ්ටර්ගේ ඥාතීන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රතික්ෂේප කරයි

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අවසන් විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඒ අනුව එය මාර්තු 8 වැනිදා හෝ ඊට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයේ සඳහන් වේ.

මේ අතර දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ අය අධිකරණයට ප්‍රකාශ කළේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ පරස්පරතාව හේතුවෙන් එය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බවයි.