28.4 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් රථයක් ප්‍රපාතයකට පෙරලී කිහිපදෙනෙක් රෝහලට

බස් රථයක් ප්‍රපාතයකට පෙරලී කිහිපදෙනෙක් රෝහලට

පලාබද්දල සිට රත්නපුරය බලා ගමන් කරමින් තිබූ සිරිපා වන්දනා විශේෂ සේවා බස් රථයක් අද (10) දහවල් පාරෙන් ඉවතට පැන අඩි 30 ක් පමණ හෙළකින් පහළට පෙරළී ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස පෙරළී ගොස් ඇත්තේ රත්නපුර ලංගම ඩිපෝවට අයත් බස් රථයක් වන අතර මෙම අනතුරින් තුවාල ලැබූ කිහිපදෙනෙක් ගිලීමලේ රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ හතළිස් පස් දෙනෙක් පමණ සිට තිබේ. තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතල නොවන අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.