― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsHealthඇමරිකාවෙන් ඩොලර් මිලියන 6.9ක ඖෂධ මෙරටට

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 6.9ක ඖෂධ මෙරටට

ඇමෙරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් සංවිධානය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 6.9 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 2.6) ක් වටිනාකමින් යුත් ඉන්ද්‍රීය බද්ධ කිරීමට අවශ්‍ය ඖෂධ සහ පිළිකා ඖෂධ තොගයක් ප්‍රදානය කර ඇති බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මීට අවශ්‍ය සියලුම රජයේ අනුමැති මේ වන විට ලබා ගෙන අවසන් බවත් මෙය හාර්ට් ටු හාර්ට් සංවිධානය පරිත්‍යාග කළ හතරවෙනි හදිසි වෛද්‍ය ආධාර තොගය බවත්ය.

මෙම ඖෂධ තොගය ලබන සතිය මුලදී ගුවන් මගින් කොළඹට ලැබෙනු ඇත.