― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportරොනාල්ඩෝ විවේචනවලට තිත තබයි

රොනාල්ඩෝ විවේචනවලට තිත තබයි

ඊයේ පැවති Saudi Pro League වටයේ තරඟයේදී රොනාල්ඩෝගේ අල් නසාර් කණ්ඩායම Al Wehta හමුවිය.

මෙම තරගයේදී තමන්ට එල්ල වූ විවේචනවලට රොනාල්ඩෝ ප්‍රතිචාර දැක්වූයේ විශිෂ්ට දස්කම් දැක්වීමකිනි.

ආරම්භයේ සිටම ආක්‍රමණශීලී බව පෙන්නුම් කළ රොනාල්ඩෝ පළමු අර්ධයේ 21 වැනි සහ 40 වැනි මිනිත්තුවලදී ගෝල ලබා ගත්තේය.

අනතුරුව ඔහු සෞදි ප්‍රෝ ලීග් තරඟාවලියේ දෙවන අර්ධයේ 53 වැනි මිනිත්තුවේදී දඬුවම් අවස්ථාවක් හරහා සිය පළමු ගෝල ත්‍රිත්වය වාර්තා කළේය.

අනතුරුව 61 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කරමින් තම කණ්ඩායමට ගෝල 4-0ක ජයක් අත්කර දුන්නේය.

මේ සමග රොනාල්ඩෝ සිය විවේචනයට තිත තබා තිබෙනවා.