රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යැවූ වැදගත් ලිපියකට මාස එකහමාරකින් පිළිතුරක් ලැබී නැතැයි සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදී අද (10 )පැවසීය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවට වැඩ වැඩි නිසා එහි වැඩ වෙනත් අයට පවරන්නැයි ඉල්ලීමක් කළ අමාත්‍යවරයා ලිපියට උත්තරයක් නොලැබීම හේතුවෙන් විදුහල්පතිවරුන් පත්කර ගැනීමට නොහැකිව ඇතැයි සඳහන් කළේය.