24.5 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් ආසාදිත ගර්භණී මවුවරුන්ගේ ඉහළ යෑමක්

කොවිඩ් ආසාදිත ගර්භණී මවුවරුන්ගේ ඉහළ යෑමක්

කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යාමක් පෙන්නුම්කරන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

එම තත්ත්වය තුළ පිරිස් ඒකරාශී වන ස්ථාවල ගැවසීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ ගර්භණී කාන්තාවන්ගෙන් ඉල්ලයි.
නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් පවසන්නේ,

“කොරෝනා රෝගය වැලඳුන ගර්භණී කාන්තාවන් සංඛ්‍යාව ඉහළ යෑමක් අපිට දකින්න පුළුවන් පසුගිය සති දෙක තුන ඇතුළත. මේ නිසා අපි ගර්භණී කාන්තාවන්ගෙන් විශේෂයෙන් ම ඉල්ලන්න කැමතියි කලින් සෞඛ්‍ය පුරුදු ඒ විදියටම පිළිපඳින්න. ඉස්සරහටත් දීර්ඝ සතිඅන්ත එනවා. මහජනතාව ගැවසෙන ස්ථානවලට එක්රැස්වෙන ස්ථානවලට යෑමෙන් වළකින්න. සාදවලට නිවාඩු නිකේතනවලට යෑමෙන් වැළකි ගෙදර තුළ පමණක් සිටින්න. දෙවැනි එන්නත ලබාගෙන මාස තුනක් පහුවෙලා නම් ඒ අම්මලාගෙන් අපි ඉල්ලීමක් කරනවා බූස්ටර් එන්නත ලබාගන්න කියලා.”

මාස කිහිපයකට පසුව දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ 800 සීමාව ඉක්මවා ගොස් තිබූ අතර ඊයේ (19) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 829කි.