26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldසුළි කුණාටුවක අවදානමක් හේතුවෙන් නවසීලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

සුළි කුණාටුවක අවදානමක් හේතුවෙන් නවසීලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

සුළි කුණාටුවක අවදානම් තත්වයක් හේතුවෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

නගරවාසීන්ට හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසට එරට කාලගුණ විද්‍යා අංශ දැනුම් දී ඇත.

මේ වනවිට ගේබ්‍රියෙල් නමැති සුළිකුණාටුවේ කේන්ද්‍රය නවසීලන්තයට සැතපුම් 910 ක් දකුණින් පිහිටා ඇත.

සුළි කුණාටුව හේතුවෙන් තද වැසි ඇති විය හැකි බවත් පැයට කිලෝමීටර 133ක පමණ වේගයකින් තද සුළං ද බලපෑ හැකි බවත් බලධාරීන් අනතුරු අඟවා ඇත.

ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් ද අවලංගු කර ඇත.