― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews45 හැවිරිදි කාන්තාවකට දිවි අහිමි කළ අනියම් ඇසුර

45 හැවිරිදි කාන්තාවකට දිවි අහිමි කළ අනියම් ඇසුර

මොණරාගල, වෙහෙරගල ප්‍රදේශයේ දී ඝාතනයට ලක් වූ කාන්තාවකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ සහෝදරිය විසින් තම නැඟණිය පෙරදින රාත්‍රියේ සිට ආගිය අතක් නොමැති බව දන්වමින් ඊයේ (12) උදෑසන මොණරාගල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

එම පැමිණිල්ලට අනුව පොලිසිය අතුරුදන් කාන්තාව පදිංචිව සිටි වෙහෙරගල,අලුත්වත්ත ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී කාන්තාව පදිංචිව සිටි නිවස ආසන්නයේ තිබී ඇයගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පොලිසිය පවසන්නේ තියුණු ආයුධයකින් පහර දී අදාළ කාන්තාව ඝාතනය කර ඇති බවයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය පෙර විවාහයෙන් වෙන්ව තනිව ජීවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ කතාව අනියම් සබඳතාවක් පවතවාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ. එලෙස සබඳතාව පවත්වාගෙන ගිය පුද්ගලයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

අපරාධය සම්බන්ධයෙන් වෙහෙරගල, අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. සිද්ධිය පිළිබඳව මොණරාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.