26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමෙරට විදේශ විනිමය සංචිතයේ වර්ධනයක්

මෙරට විදේශ විනිමය සංචිතයේ වර්ධනයක්

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන දෙක දක්වා ළඟා වී තිබේ.

දැඩි පියවර කිහිපයක් සහ විදේශ ඉපැයීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය තත්ත්වය ක්‍රමයෙන් දියුණු වී ඇත.

යාවත්කාලීන දත්ත අනුව පසුගිය ජනවාරි මාසයේදී මෙරට විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,120ක් විය.

කෙසේ වෙතත් චීනයේ යුවාන් භාවිතය සම්බන්ධයෙන් විවිධ සීමා පනවා ඇති අතර එය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4කට සමාන වේ. පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරට විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 1898ක් ලෙස දක්නට ලැබුණද එහි වර්ධනයක් සිදුව ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ විදේශ විනිමය සංචිත ශුන්‍ය මට්ටමේ දක්නට ලැබීම, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා පැනවූ සීමා කිරීම්, බැංකු පොලී අනුපාත ඉහළ නැංවීම, සංචාරක ක්ෂේත්‍රයේ පිබිදීම විදේශ විනිමය සංචිත ඉහළ යාමට ප්‍රධාන සාධක ලෙස යළිත් පෙන්වා දෙන බව සඳහන්.