25 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුතා පැදවූ ත්‍රිරෝද රිය කණුවක ගැටී මව ජීවිතක්ෂයට

පුතා පැදවූ ත්‍රිරෝද රිය කණුවක ගැටී මව ජීවිතක්ෂයට

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් අද (13) පෙරවරුවේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තරුණයෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

බෙලිඅත්ත – හක්මණ ප්‍රධාන මාර්ගයේදී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කාන්තාවක් සහ ඇයගේ 19 හැවිරිදි පුත්‍රයා ගමන්ගත් ත්‍රිරෝද රථයක් බවයි වාර්තා වන්නේ.

46 හැවිරිදි කාන්තාව සිය පුත්‍රයා සමඟ ත්‍රිරෝද රථයකින් හක්මණ, මීඇල්ල ප්‍රදේශයේ සිට බෙලිඅත්ත දෙසට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්. අනතුර සිදුවන අවස්ථාවේ 19 හැවිරිදි පුත්‍රයා විසින් රථය පදවා ඇති අතර අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් පසු කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ ඇයගේ පුතා බෙලිඅත්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.