― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිද්‍යාපීඨ සිසුන්ට මාසිකව 10,000ක ණයක්

විද්‍යාපීඨ සිසුන්ට මාසිකව 10,000ක ණයක්

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට මෙවර ඇතුළත් වන සිසුන් හයදහසට මාසිකව රුපියල් දසදහස බැගින් වසර තුනක කාලයකට ණය මුදලක් ලබා දීමට රාජ්‍ය බැංකු අධ්‍යාපන අමාත්‍යාංශය සමග එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

එම සිසුන්ට ආණ්ඩුව මාසිකව ලබා දෙන රුපියල් පන්දහසට අමතරව මෙම රුපියල් දසදහස ලබා දෙනු ලබයි. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සිසුන්ගේ ආහාර පාන සඳහා රුපියල් පන්දහසක මුදල ප්‍රමාණවත් නොවීම හේතුවෙනුයි මෙම රුපියල් දසදහසක මාසිකව ලබා දෙනු ලබන්නේ.

වසර තුනක පුහුණු කාලයෙන් පසු එම සිසුන් ගුරුවරුන් ලෙස පද්ධතියට එක් වන අතර එලෙස පද්ධතියට එක් වීමෙන් පසු ගෙවීමේ පදනම මත ඉහත ණය මුදල ලබා දෙනු ලබයි.