― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරබර් කිරි ආනයනය වඩාත් ක්‍රමවත්ව සිදු කිරීමට පංච පුද්ගල කමිටුවක්

රබර් කිරි ආනයනය වඩාත් ක්‍රමවත්ව සිදු කිරීමට පංච පුද්ගල කමිටුවක්

මෙරට නිෂ්පාදන කාර්යයන් සඳහා අවශ්‍ය කෙරෙන රබර් කිරි ආනයනය වඩාත් ක්‍රමවත්ව සිදු කිරීමට පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මීට හේතු වී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදි නිසි සැලැස්මකින් තොරව අතිවිශාල රබර් කිරි ප්‍රමාණයක් ආනයනය කිරීමේ හේතුවෙන් මෙරට රබර් කිරි අලෙවි කර ගැනීමට නොහැකි වීමයි.

දේශීය රබර් කිරි ගොවීන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වුණා.රබර් ආශ්‍රිත දේශීය නිෂ්පාදනයන් සඳහා මෙරට රබර් කිරි නිෂ්පාදනය ප්‍රමාණ ප්‍රමාණවත් නොවන නමුත් මෙරට නිෂ්පාදනය පිළිබඳ නිසි සැලකිල්ලක් නොදක්වා අසීමාන්තික ලෙස රබර් කිරි පිටරටින් ආනයනය කිරීම හේතුවෙන් මෙරට රබර් කිරි නිෂ්පාදකයා අසරණ වන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

මේ පිළිබඳව සිදුකළ සොයා බැලීමකින් අනතුරුව රබර් කිරි ආනයනය සඳහා අවසර ලබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් සකස් කිරිමට පියවර ගත් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියාඒ අනුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් , ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම, මුදල් අමාත්‍යංශය සාමාජිකයෙක්, රබර් පර්යේෂණායතන සහ රබර් පාලන දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගෙන් සමන්විත ව මෙම පංච පුද්ගල කමිටුව සැකසෙනවා.