― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඅභ්‍යවකාශයට යන පළමු සෞදි අරාබි කාන්තාව

අභ්‍යවකාශයට යන පළමු සෞදි අරාබි කාන්තාව

සෞදි අරාබිය පළමු වරට එරට කාන්තාවක අභ්‍යවකාශයට යැවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රයියානා බර්නාවි නමැති මෙම අජටාකාශගාමිනිය සිය ඓතිහාසික අභ්‍යවකාශ ගමනෙහි නිරත වීමට නියමිතව ඇත්තේ මෙම වසරේ දෙවැනි කාර්තුවේ බව සඳහන්ය. ඇය ගමන් ආරම්භ කරනු ඇත්තේ ඇමරිකාවෙනි.

බර්නාවි මෙම අභ්‍යවකාශ ගමනෙහි නිරත වන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) කරාය.

එය දැන් කාලයක සිට අභ්‍යවකාශයේ රඳවා ඇති අභ්‍යවකාශ විද්‍යාගාරයක් වන අතර ඇමරිකාව, රුසියාව, යුරෝපය, ජපානය වැනි පාර්ශ්ව කිහිපයක් විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියකි.

විවිධ රටවල අජටාකාශගාමීහු මෙහි පර්යේෂණ කටයුතුවල නිරත වෙති. බර්නාවි සමග අලි අල්-කාර්නි නමැති පිරිමි අජටාකාශගාමියකු ද මෙම ගමනට සහභාගි වනු ඇත.

කාන්තා නිදහස සීමා කළ ඇති සම්ප්‍රදායික රටක් ලෙස පවතින ප්‍රතිරූපය වෙනස් කර ගැනීම සඳහා සෞදි අරාබිය මේ වනවිට විශාල උත්සාහයක් ගනිමින් සිටියි. බර්නාවිගේ අභ්‍යවකාශ ගමනද එම උත්සාහයට තල්ලුවක් ලබා දෙන්නක් වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය වැනි මැද පෙරදිග රටවල් මේ වනවිට අභ්‍යවකාශ කටයුතු කෙරේ විශාල උනන්දුවක් දක්වමින් සිටියි.

මිනිසකු අභ්‍යවකාශයට යැවූ පළමු අරාබි රට ලෙස ඉතිහාසයට එක් වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. 2019 වසරේ ඔවුහු පළමු වරට එරට වැසියකු අභ්‍යවකාශයට යැවූහ. එම ගමනේදී හාසා අල්-මන්සූරි නමැති අජටාකාශගාමියා දිනක කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගත කළේය.

#aruna