― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews3950 දෙනෙකුගේ කොරියන් හීනය සැබෑ වෙයි

3950 දෙනෙකුගේ කොරියන් හීනය සැබෑ වෙයි

නිෂ්පාදන අංශයට අදාලව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරෙන් අපේක්ෂකයින් 3950 දෙනෙකු සමත්ව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

2022.07.04 දින සිට 2023.02.03 දින දක්වා මාර්ගගත ක්‍රමයට මෙම විභාගය පැවැත්වුණා. විභාගය සඳහා අපේක්ෂකයින් 24378ක පිරිසක් අයදුම් කරන තිබුණද, විභාගය සඳහා පෙනී සිටියේ ඉන් අයදුම්කරුවන් 18269 ක් පමණයි.

මෙම විභාගයේ ප්‍රථිඵල www.slbfe.lk වෙබ් අඩවියේ පළ කර ඇති අතර විභාගය සමත් වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ හා වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණිය යුතු දිනයන් ඉදිරියේදී දැනුම් දෙනු ඇති.

මේ අතර දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත හත්වන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකිරීම පසුගිය (13) දින ආරම්භ කෙරුණා.

අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන 22 දින දක්වා සිදුකරනු ලබනවා. ලියාපදිංචි කිරීම ආරම්භ කළ දිනයේ සිට මේදක්වා අයදුම්කරුවන් 7800ට අධික පිරිසක් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා ලියාපදිංචි වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය කියාසිටියේ.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය මාර්තු 13 දින සිට අගෝස්තු 30 දක්වා පැවැත්වෙන අතර, ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය සැප්තැම්බර් 1 දින සිට නොවැම්බර් 30 දින දක්වා පරිගණක ආශ්‍රිතව, පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම විභාගය හා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා ලබාගත හැකියි.