23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 70ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් - රජයේ මුද්‍රණාලාධිපතිනී

කෝටි 70ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් – රජයේ මුද්‍රණාලාධිපතිනී

පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 7ක පමණ තැපල් ජන්ද පත්‍රිකා දැනටමත් මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ පැවසුවාය.

ඇය සඳහන් කළේ මුදල් ලබාදීම සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් දැනුම්දී ඇති බවයි.

මහා භාණ්ඩාගාරය රජයේ මුද්‍රණාලයට දැනට ලබාදී ඇත්තේ කෝටි 40 ක පමණ මුදලක් පමණක් වුවද මැතිවරණයට අදාළව කෝටි හැත්තෑවකට වැඩි මුද්‍රණ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවත් රජයේ මුද්‍රණාලාධිපතිනිය අවධාරණය කළාය.