― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅනුරාධපුර මැතිවරණ අපේක්ෂකයින්ගෙන් දයාසිරිට දැඩි විරෝධයක්

අනුරාධපුර මැතිවරණ අපේක්ෂකයින්ගෙන් දයාසිරිට දැඩි විරෝධයක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් හා එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර අතර අද (15) දිනයේ පැවැත්වීමට තිබූ හමුවක් හදිසියේම අවලංගු කිරීම හේතුවෙන් එම හමුවට සහභාගී වීමට පැමිණි පළාත් පාලන නියෝජිතයින් මහ ලේකම්වරයාට දැඩි අප්‍රසාදය පළ කර සිටියා.

මෙම හමුව අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක අද (15) පෙරවරු 9.00ට පැවැත්වීමට නියමිතව තිබූ අතර එම හමුව හදිසියේම අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි පසුව දැනුම් දී ඇත්තේ.

අදාළ රැස්වීම අවලංගු කිරීම සම්බන්ධයෙන් ඇතැම් අපේක්ෂකයින්ට දුරකථන මාර්ගයෙන් ආසන සංවිධායකවරුන් දැනුම්වත් කිරීමට කටයුතු කර තිබුණ ද, ඇතැම් අපේක්ෂකියන් ඒ සම්බන්ධයෙන් දැනුම්වත්ව නොමැතිවීම හේතුවෙන් ඔවුන් අද (15) එම උත්සව ශාලාව වෙත පැමිණ සිටි බවයි දැනගන්නට ලැබුනේ.

උත්සව ශාලාවද එම රැස්වීම සඳහා සූදානම් කර තිබී ඇති අතර පැමිණි අපේක්ෂකයින් රැස්වීම සම්බන්ධයෙන් උත්සව ශාලාවේ කාර්යාලයෙන් විමසීමකදී පවසා ඇත්තේ හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද විසින් රැස්වීම සඳහා උත්සව ශාලාව වෙන් කිරීමක් කළ බවත් පසුව ඊයේ (14) දිනයේ රැස්වීම අවලංගු කරන බවට දුරකථනයෙන් දැනුම් දුන් බවත්ය.

මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර සහභාගී වීමට නියමිතව තිබූ බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහභාගී වීම ප්‍රතික්ෂේප කළ පසුබිමික, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් පිරිසගෙන් බහුතරයක්ද රැස්වීම වර්ජනය කිරීමට සූදානම් ව සිටි ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් දයාසිරි ජයසේකර මහ ලේකම්වරයා විසින් රැස්වීම අවලංගු කරන ලෙස හදිසියේම දන්වා ඇතැයි ද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ හේතුවෙන් රැස්වීමට සහභාගී වීමට අපේක්ෂාවෙන් පැමිණ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් මහ ලේකම්වරයාට මෙහිදී දැඩි විරෝධයක් සහ අප්‍රසාදයක් පලකර සිටියා.