28 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා 15%කින් කැපේ

සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා 15%කින් කැපේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල කාර්ය මණ්ඩල අතිකාල දීමනා සහ අමතර රාජකාරී දීමනා සියයට පහළොවකින් කපා හැරීමට පියවර ගෙන තිබේ.

මීට අදාළ චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටත් නිකුත් කර ඇථි අතර එහි දක්වා ඇත්තේ අතිකාල සහ අමතර රාජකාරි කරන කාල වේලාවන්වල අදාළ සේවකයා අනිවාර්යයෙන්ම සේවයේ යෙදෙන බව ආයතන ප්‍රධානීන් තහවුරු කර ගත යුතු බවයි.

එමෙන්ම විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා මසකට ලබා ගන්නා නිවාඩු දින වැටුප් ප්‍රමාණය දින පහක් දක්වා අඩු කළ යුතු බවත් ආරක්ෂක සහ පිරිසුදු කිරීම් වැනි ගිවිසුම් ගත සේවාවන් සඳහා දැනට අනුමත සේවක සංඛ්‍යාව අවම වශයෙන් සියයට දහයකින් අඩු කළ යුතු බවත් එහි වැඩිදුරටත් දක්වා තිබේ.