― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෝටර් රථ හිමිකරුවන්ට අනතුරු ඇඟවීමක්

මෝටර් රථ හිමිකරුවන්ට අනතුරු ඇඟවීමක්

මෙරට තුළ විවිධ ප්‍රදේශවලින් මෝටර් රථ සොරකම් කිරීම් වාර්තා වීම වැඩි වශයෙන් සිදුවන බවත් මේ හේතුවෙන් සිය මෝටර් රථ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබේ.

පසුගියදා වැලිවේරිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 32ක් පමණ වටිනා මෝටර් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොලිස් නිලධාරීන් ජංගම දුරකථන දත්ත භාවිතයෙන් පරීක්ෂණ සිදුකර ඊට අදාළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

සැකකරු ආඬිඅම්බලම ප්‍රදේශයේ 47 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු එම වාහනය රුපියල් ලක්ෂ 14කට මිලදී ගෙන තිබේ.

වාහනය සොරකම් කළ පුද්ගලයා එම ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වැලිවේරිය පොලීසිය පරීක්ෂණ සිදුකරනු ලබයි.