32.2 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsව්‍යාපාරිකයෙක් පැහැරගෙන ගොස් ලක්ෂ 70ක කප්පම් අරන්

ව්‍යාපාරිකයෙක් පැහැරගෙන ගොස් ලක්ෂ 70ක කප්පම් අරන්

ගොඩනැගිලි උපකරණ වෙළෙඳ ජාලයක හිමිකරුවෙක් පසුගිය 10 වැනිදා පැහැරගෙන ගොස් ඇති අතර අදාළ කප්පම් මුදල ගෙවීමෙන් අනතුරුව ව්‍යාපාරිකයා නිදහස් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා විසින් පොලිසියට ලබාදී ඇති පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සාමාජිකයන් යැයි හඳුනා නොගත් පස් දෙනෙකු ඔහු පැහැරගෙන ගොස් රහසිගත ස්ථානයක තබා රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කර ඇත.

පසුව තැන්පතු මුදල රුපියල් ලක්ෂ 70 දක්වා අඩු කිරීමෙන් පසු අදාළ ව්‍යාපාරිකයා මිතුරෙකුගේ සහය ඇතිව එම මුදල ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

මුදල් ලබා ගැනීමෙන් පසු ඔවුන් ව්‍යාපාරිකයාව දෙමටගොඩ දුම්රිය ස්ථානය අසළ දමා ගොස් ඇත.

ව්‍යාපාරිකයා පොලිසියට කියා සිටියේ කොල්ලකරුවන්ගේ තර්ජනය හේතුවෙන් තමන් මේ පිළිබඳව මුලින් පැමිණිලි නොකළ බවයි.