― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportආරක්ෂිත හිස්වැස්ම මාරුකරගත් නසීම් ෂාට දඩ

ආරක්ෂිත හිස්වැස්ම මාරුකරගත් නසීම් ෂාට දඩ

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා හට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් නියම කිරීමට පාකිස්ථාන සුපර් ලීග් තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ක්වෙටා ග්ලැඩියේටර්ස් සහ මුල්තාන් සුල්තාන්ස් අතර පෙරේදා පැවති තරගයේ දී වැරදි හිස්වැස්මක් පාවිච්චි කිරීමේ වරද හේතුවෙන් ඔහුට මෙම දඩ මුදල නියමකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලියේ දී ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන මෙම වේග පන්දු යවන්නාට මෙලෙස දඬුවම් පනවා ඇත්තේ පකිස්තාන ක්‍රිකට් චර්යාධර්ම සංග්‍රහය යටතේයි.

පෙරේදා පැවති තරගයේ දී ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත හිස්වැස්ම වෙනුවට, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු නියෝජනය කළ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමේ හිස්වැස්මක් පැළඳ ඔහු පන්දුවට පහරදීමට පැමිණියා.

වෙනත් රටක තරගාවලියක නියෝජිත කණ්ඩායමක හිස්වැස්මක් පැළඳ පාකිස්ථානයේ දේශියව පැවැත්වෙන ලීග් තරගාවලියේ ක්‍රීඩා කිරීම හේතුවෙන් නසීම් ෂා චර්යාධර්ම සංග්‍රහය කඩකර ඇති බවයි තරග සංවිධායකයින් පවසන්නේ.