තුර්කියට හා සිරියාවට බලපෑ භූකම්පනයෙන් පුද්ගලයින් 45,000කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුර්කියේ පමණක් 39,672කු මියගොස් ඇති අතර සිරියාවේ 5,800කට වැඩි පිරිසක් භූ කම්පනය හේතුවෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මේ වනවිට භූ කම්පනය හේතුවෙන් පවුල්වලින් වෙන්වූ ළමයින් 1,589 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ.