― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයල කන්නයේදී හිඟයකින් තොරව පොහොර

යල කන්නයේදී හිඟයකින් තොරව පොහොර

ලබන යල කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ අද (18) උදෑසන පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

2022/ 2023 මහ කන්නයේදී පොහොර මිලදී ගැනීමේදී ඉහළ ප්‍රමුඛතාවයක් දී කටයුතු කළ බවයි මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ. එහි ප්‍රතිඵලයක් ලෙස එම කන්නයේ දී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 24 ක පමණ ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ සතියේ ප්‍රමුඛතම වියදම් කාර්ය ලෙස රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සිදුකරන බවත්, ඉන් පසුව එළඹෙන සතියේ දී මහ කන්නයේ දී මිලදීගත් රසායනික පොහොර සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 350 ක් ගෙවීමට කටයුතු කරන බවත්, කාබනික පොහොර සඳහා ගෙවිය යුතු මුදලින් රුපියල් කෝටි 220 ක් පෙරේදා දිනය වන විට ගෙවා අවසන් කළ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ඒ අනුව ලබන මාර්තු මුල් සතිය වන විට පොහොර සඳහා ගෙවිය යුතු සියළු මුදල් ගෙවා නිම කරන බවත් යල කන්නය සඳහා අවශ්‍ය පොහාර ගෙන්වීමට අවශ්‍ය වාතාවරණය සකසා දී ඒ අනුව කිසිදු හිඟයකින් තොරව ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.