31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයතුරුපැදි අනතුරකින් 17 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් 17 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට

කඳාන තුම්පෑලිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 17 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ යතුරුපැදියක් පැදවූ පිරිමි ළමයා ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ මෝටර් රථයක ගැටීම වළක්වා ගැනීමට යාමේදී ලිස්සා වැටී ඇති බවයි.

ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථය දකුණු පසට බරව ගමන් කිරීම හේතුවෙන් යතුරුපැදිකරු තිරිංග තද කිරීමේදී ලිස්සා ගොස් මෝටර් රථයේ දකුණු පස ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

බරපතල තුවාල ලැබූ ඔහු ජා ඇල රෝහලට ඇතුලත් කිරීමේදීයි මියගොස් ඇත්තේ.

මියගොස් ඇත්තේ කපුවත්ත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.

අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.