29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldග්‍රේබියල් සුළි කුණාටුවෙන් නවසීලන්තයට දැඩි බලපෑම්

ග්‍රේබියල් සුළි කුණාටුවෙන් නවසීලන්තයට දැඩි බලපෑම්

නවසීලන්තයට බලපෑ ග්‍රේබියෙල් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සුළි කුණාටුවෙන් ලක්ෂ ගණනක ජනතාවට දැඩි බලපෑම එල්ල වූ අතර, නිවාස 62,000 කට විදුලිය විසන්ධි වී තිබුණා.

පුද්ගලයන් 5,608 දෙනෙකු අතුරුදන් වී ඇති බවට වාර්තා පළවුවත් ඔවුන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.

සුළි කුණාටුව හේතුවෙන් නිවාස, ගොවිපලවල්, ජලයෙන් යටවී තිබූ අතර, කොල්ලකෑම හේතුවෙන් නගර කිහිපයකට පොලිස් ආරක්ෂාව යෙදවීමට ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.