28.9 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ අතිකාල රාජකාරි අත්හිටුවයි

මැතිවරණ අතිකාල රාජකාරි අත්හිටුවයි

මැතිවරණ අතිකාල රාජකාරි අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ මැතිවරණයට අදාළ කටයුතු අද (20) සිට සාමාන්‍ය රාජකාරි වේලාවේදී පමණක් ක්‍රියාත්මක කළයුතු බවත් සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනයන්හිදී මැතිවරණ ප්‍රධාන කාර්යාලය සහ සියලු දිස්ත්‍රික් කාර්යාල වසා තැබිය යුතු බවත්ය.

නැවත දැනුම්දෙන තුරු ඡන්ද විමසීමේ කටයුතු වෙනුවෙන් නිකුත් කර ඇති අතිකාල නිවාඩු දින වැටුප් හා සුබසාධන වියදම් ගෙවීමද අත්හිටුවා තිබේ.

එමෙන්ම මැතිවරණ කාර්යාලවලට ලබාගෙන තිබූ අමතර ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරි කාලයද ඉකුත් 17 වැනිදා සිට අවසන් කර ඇත.