22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනකල්ස් රක්ෂිතයේ අතරමං වූ 33 දෙනෙක් බේරා ගැනේ

නකල්ස් රක්ෂිතයේ අතරමං වූ 33 දෙනෙක් බේරා ගැනේ

නකල්ස් රක්ෂිතයට අයත් ගැරඩිගල කන්ද තරණ කිරීමට ගොස් අතමංව සිටි තරුණ තරුණියන් 33 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට පොලිසිය, වන සංරක්ෂණ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව සමත් වී තිබේ.

ගැරඩිගල කන්ද තරණ කිරීමට ගොස් සිටි මේ පිරිස අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් අතරමංව ඇති බවට උඩුදුම්බර පොලීසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ඔවුන් එක්ව කල මෙහෙයුමකින් පසුව අතරමංව සිටි තරුණයන් 31 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට සමත් වුණා.

අනතුරට පත් පිරිස මහනුවර, කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.