― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන ලීටරයකින් රජයට විශාල ආදායමක්

ඉන්ධන ලීටරයකින් රජයට විශාල ආදායමක්

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන පෙට්‍රල් හා ඩීසල් ඉන්ධනවලින් ලාභ ලබන බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16.21ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 109.44ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 3.25ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 11.64ක් සංස්ථාව ලාභ ලබයි.

නමුත් සංස්ථාව අලෙවි කරන සෑම භූමිතෙල් ලීටරයකින් රුපියල් 21.49ක අලාභයක් ලබන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.මෙම ලාභ / අලාභ ගණනය කිරීම පසුගිය 18දාට අදාළ වෙයි.

කෙසේවෙතත් මෙම ලාභ/අලාභවලට අමතරව පෙට්‍රල් හා ඩීසල්වලින් රජය අයකරන බදු හේතුවෙන්ද රජය විශාල ආදායමක් උපයනු ලබයි. මේ අනුව 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 82 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 102.88 ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 59.25ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 87.15ක් ලෙස රජය බදු අයකරනු ලබයි.

මේ අනුව ඉන්ධන ලීටරයකට රජය අයකරන ලාභාංතිකය හා බදු අනුව රජයට විශාල ආදායමක් ලැබෙයි. ඒ අනුව පිළිවෙළින් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 98.21 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 212.32 ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 62.5ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 98.79ක් ලෙස රජයට ආදායමක් ලැබෙයි.