25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldභූ කම්පනයෙන් පීඩාවට පත් සිරියාවට ඊශ්‍රායලය පහර දෙයි

භූ කම්පනයෙන් පීඩාවට පත් සිරියාවට ඊශ්‍රායලය පහර දෙයි

ඊශ්‍රායලය විසින් සිරියාවේ ඩමස්කස් නුවරට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (19) අලුයම එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මෙතෙක් අනාවරණය වී නොමැත.

පසුගිය 06 වැනිදා සිරියාවේ සහ තුර්කියේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8ක ප්‍රබල භූමිකම්පාවෙන් පසුව එල්ල වූ පළමු ප්‍රක්ෂේපණ ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඩමස්කස් නගරයට අවසානයේ ජනවාරි 2 වන දින ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී බොහෝ සිරියානු සොල්දාදුවන් මිය ගියහ.