― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldවිදේශ විනිමය සඳහා සිය වත්කම් විකිණීමට පාකිස්තානය සූදානම්

විදේශ විනිමය සඳහා සිය වත්කම් විකිණීමට පාකිස්තානය සූදානම්

පකිස්තානය මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් මුදල් එකතු කිරීම සඳහා පකිස්ථානය වොෂින්ටනයේ සිය තානාපති කාර්යාලයට අනුයුක්ත දේපලක් විකිණීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තොරතුරු විදෙස් මාධ්‍යයක් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

පකිස්ථානයේ ඉතිරිව ඇති විදේශ විනිමය සංචිතවලින් ආවරණය කළ හැක්කේ ඉදිරි සති තුන සඳහා ආනයන වියදම් පමණි. මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සාකච්ඡා කිරීමට පැමිණි විට පවා අවසන් එකඟතාවයකට නොපැමිණීම පාකිස්ථානය තුළ භයානක තත්වයක් ඇති කළේය.

රටේ අගමැති ෂෙබාස් ෂරීෆ් සහ මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලුම පූර්ව කොන්දේසිවලට එකඟ වූ නමුත් ගනුදෙනුව බිඳ වැටුණු බව වාර්තා වේ.

රට බංකොලොත් වීම වැළැක්වීම සඳහා පාකිස්තාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. රැස්වීම දින 10ක් පුරා පැවති නමුත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ නැත.

ඒ වෙනුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසා ඇත්තේ තමන් පකිස්තාන පාර්ශවය සමග අථත්‍ය සාකච්ඡා දිගටම පවත්වන බවයි.