― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldවියට්නාමයේදී මුදල් සොරකම් කළ ශ්‍රී ලාංකිකයෙක්ට නඩු

වියට්නාමයේදී මුදල් සොරකම් කළ ශ්‍රී ලාංකිකයෙක්ට නඩු

වියට්නාමයේදී මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

චෝදනා පත්‍රයට අනුව, 2020 මාර්තු 1 වැනිදා Ho Chi Minh City හි ‘Don Son Nhat’ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා වියට්නාමයට ඇතුළු වූ 42 හැවිරිදි අරුණ රුක්ෂාන් රාජපක්ෂ නමැති ශ්‍රී ලාංකිකයා රැකියාවක් සොයමින් රට පුරා ස්ථාන රැසක සංචාරය කර ඇත.

2022 ඔක්තෝම්බර් 11 වැනිදා ඔහු අන් අයගේ දේපළ සොරකම් කිරීමේ අරමුණින් හැනොයිහි හොන් කීම් දිස්ත්‍රික්කයේ වීදිවල සැරිසැරූ බවට චෝදනා එල්ල වේ. එදින රාත්‍රී 8ට ඔහු අවන්හලකට ඇතුළු වී වියට්නාම ඩොං මිලියන 13ක් (ඇමරිකානු ඩොලර් 545) අඩංගු කළු අත්බෑගයක් සොරකම් කර පලා ගොස් තිබේ.

මුදල් පසුම්බිය සොරකම් කර ඇති බව දැනගත් වහාම අවන්හලේ සේවකයෙකු උදව් ඉල්ලා කෑගසා ඇති අතර පසුව ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ශ්‍රී ලාංකිකයා අල්ලා එරට පොලිසියට භාර දී ඇත.

ඉන් අනතුරුව අත්බෑගය හිමිකරුට භාරදී ඇති අතර පොලීසිය විසින් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.