― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋපත් පාලනය සඳහා කාන්තාවන්ට දෙන බෙහෙත සුනඛයින්ට විදලා

උපත් පාලනය සඳහා කාන්තාවන්ට දෙන බෙහෙත සුනඛයින්ට විදලා

කාන්තාවන්ගේ ඔසප් චක්‍රය පරීක්ෂා කර උපත් පාලනයට ලබා දෙන එන්නතක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සුනඛයන්ට වඳ සැත්කම් කිරීමට යොදා ගැනීම නිසා එම සතුන්ගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ලවී ඇතැයි පශු වෛද්‍ය නිලධාරීහු කියා සිටිති.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජලභීතිකා මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන එන්නත්කරුවන් විසින් අයාලේ යන සුනඛයන්ට මෙම ප්‍රොජෙස්ටරෝන් නැමැති හෝමෝනය මෙම එන්නත හරහා ලබා දෙයි.

මෙම හෝමෝනය යොදා ගැනෙන්නේ මිනිසුන්ගේ උපත් පාලනය සඳහා බව ‘මානුෂික ක්‍රම මගින් සත්ත්ව ගහන කළමනාකරණය කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ’ සභාපති චමිත් නානායක්කාර පැවසීය.

සුනඛයකුගේ ගැබ් ගැනීම සඳහා දින හතක පමණ කාලයක් ගතවන අතර, මුල් මාසයේදී සුනඛයා ගැබ්ගෙන ඇත්දැයි පරීක්ෂා කිරීමට නම් ස්කෑන් පරීක්ෂණයක් සිදුකළ යුතුය. මෙවැනි කාලයකදී මෙම එන්නත ලබාදීම මගින් කුස තුළ සිටින පැටවුන් මියයෑමේ සම්භාවිතාව වැඩි බවද පශු වෛද්‍යවරු පවසති.

සුනඛයන් කුස තුළ සිටින පැටවුන් මිය ගිය පසුව ගර්භාෂය කුණුවී එහි සැරව පිරෙන අතර එම සැරව උදරය තුළ පැසවීමෙන් සතා මරණයට පත්වන බවද පශු වෛද්‍යවරු කියා සිටිති.

මෙම එන්නත විදීම නිසා සුනඛයන්ගේ උදරය ඉදිමීමට ලක්වන බවද පශු වෛද්‍ය චමිත් නානායක්කාර පවසයි. මෙය දැනුවත්ව සිදුකරන කරන සත්ව ඝාතනයක් බවත් මෙම ක්‍රමය කිසිදු පශු වෛද්‍යවරයකු අනුමත නොකරන බවත් පශු වෛද්‍ය සංගම් නියෝජිතයන් සඳහන් කරති. මෙම එන්නත ලබාදීම නිසා සුනඛයින් තැන් තැන්වල මිය යෑමේ අවස්ථාව වැඩි බවද පශු වෛද්‍යවරු පවසති.

#aruna