31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිළිකා රෝහලේ 'වේරියන්ට්' යන්ත්‍රය අක්‍රිය වෙයි

පිළිකා රෝහලේ ‘වේරියන්ට්’ යන්ත්‍රය අක්‍රිය වෙයි

මහරගම අපේක්ෂා රෝහලේ ළමුන් ඇතුළු පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන ‘වේරියන්ට්’ යන්ත්‍රය දින 08 ක සිට අක්‍රිය වී ඇති බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අපේක්ෂා රෝහලේ අධ්‍යක්‍ෂ ජනරාල් විසින් නිකුත් කල ලිපියක් උපුටා දක්වමින් පැවසුවේ අදාළ යන්ත්‍රය සකස් කිරීමට සේවා ගිවිසුමට අනුව නොමිළේ ගෙන්වූ අමතර කොටස් පසුගිය සිකුරාදා (17) සිට රේගු තාක්ෂණික ගැටලු මත නිදහස් කර ගැනීමට නොහැකිව තිබෙන බවයි.

මේ හේතුවෙන් අද දිනයේදී පමණක් ළමුන් 24 දෙනෙකුට ප්‍රතිකාර ලබා දීමට නොහැකි තත්වයක් මත්වූ බවත් යන්ත්‍රය අක්‍රිය වීමෙන් රෝගීන් 100 කට ආසන්න පිරිසක් පිඩාවට පත්ව සිටින බවත් ප්‍රකාශ කෙරුණා.