28.9 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව මාර්තු 23

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව මාර්තු 23

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිපෙන්ඩර් රථයකින් තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය මාර්තු 23 වැනිදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.

එම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා නියෝග කළේ එම නඩුවේ සාක්ෂි විභාගය මාර්තු 23 වැනිදා ආරම්භ කරන බවයි. එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.