ටජිකිස්ථානයේ චීන දේශ සීමාවට ආසන්නව මැග්නිටියුඩ් එකක 7.3ක භූ කම්පනයක් හටගෙන තිබේ.
එම භූ කම්පනයෙන් විනාඩි 20කට පසුව තවත් මැග්නිටියුඩ් එකක 5 ක පසුකම්පනයක් ද වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
චීන දේශ සිමාවේ සිට කිලෝමීටර් 82 ක දුරින් ටජිකිස්ථානය දෙසට වන්න හටගත් එම භූ කම්පනයේ කම්පන තත්ත්වය ශියැන්ග්ජින්ග් කලාපයේ බටහිර ප්‍රදේශවලට ද දැනී තිබේ.