බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පළමු වසර සිසුන් සඳහා ලබන 27 වැනිදා විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංස හිමියෝ පැවසූහ.
සියලුම සිසුන්ට ආරාධනා කර විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙස සිසුන් ඉල්ලා සිටියද එය සිදුකිරීමට නොහැකි වූ බවත් විශ්වවිද්‍යාලය අදියර වශයෙන් විවෘත කරන බව පාලක මණ්ඩලය නිවේදනය කර ඇති බවත් උපකුලපතිවරයා සඳහන් කළේය.