― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅධික මිලට ඖෂධ අලෙවි කළැයි පෞද්ගලික රෝහලට එරෙහිව පැමිණිල්ලක්

අධික මිලට ඖෂධ අලෙවි කළැයි පෞද්ගලික රෝහලට එරෙහිව පැමිණිල්ලක්

නාරාහෙන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් රෝගියෙකුට අධික මිලකට ඖෂධ අලෙවි කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙම රෝහලේ රුපියල් 12,264ක් වටිනා ඖෂධයක් සඳහා රුපියල් 33,400ක්ද රුපියල් 6,700ක ඖෂධයක් සඳහා රුපියල් 17,030ක්ද අය කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

හෘදයාබාධයක් වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකටයි මෙලෙස මිල අධික ඖෂධ ලබාදී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් එම කාන්තාවගේ පුත්‍රයා විසින් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලයට පැමිණිල්ලක් කර ඇත.