― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිවුන් දියණියන්ට දෙන්න පිය දෙතනේ කිරි එරෙන තුරු බලා ඉන්න තාත්තා

නිවුන් දියණියන්ට දෙන්න පිය දෙතනේ කිරි එරෙන තුරු බලා ඉන්න තාත්තා

සුමිත් කුමාර මහතා සම්බන්ධ කළ හැකි ක්‍රමය
ඒ. ජී. සුමිත් කුමාර කරුණාරත්න ආදාවල මඩවල උල්පත, මාතලේ, දුරකථන අංකය 077 39 38 802
නිවුන් දියණියන් ඉපදී දින දාහ හතරක් ගතවෙද්දි මව ලොව හැර යාමත් සමඟ දහසක් කරදර මැද්දේ ආර්ථික දුෂ්කරතාවයන්වලට ලක්ව නිවුන් දියණියන් ජීවත් කරවන අපූරු පියෙකු මඩවල ආදාවල ප්‍රදේශයේ දී අපට හමු විය.
නමින් ඔහු ඒ .ජී . සුමිත් කුමාර කරුණාරත්න. 32 හැවිරිදි වියේ පසුවෙයි . සුමිත් කුඩා දියණියන් දෙදෙනා සමග ජීවත් වන්නේ දහසකුත් කරදර මධ්‍යයේය .
ආදර සම්බන්ධතාවයකින් සුමිත් කුමාර විවාහ වූයේ නිරෝෂා නිල්මිණි කුමාරි 3 2 හැවිරිදි තරුණිය සමඟයි. රිදීගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය සමග කුලී වැඩක් කරමින් ජීවත් වූ මෙම තරුණ යුවලට දරු සම්පත් පහළවීමත් සමග, පසුගිය දෙසැම්බර් මාසයේ 16 වන දින ඇය නිවුන් දරුවන් ලෙස දියණියන් දෙදෙනකු මෙළොවට දායාද කළාය.
සිසේරියන් සැත්කමකින් මාතලේ රෝහලේ දින හතරක් කින් පසුව දෙසැම්බර් දහනම වන දින දියණියන් දෙදෙනා අරගෙන ඔවුන් ජීවත්වන ආදාවල මඩවල උල්පත කුඩා නිවසට පැමිණ ගත වන්නට වූයේ දින තුනක් පමණි. ඉතා නිරෝගීව සිටි තම බිරිඳ හතර වන දිනයේ මධ්‍යම රාත්‍රියේ එක වැරම අසනීප විය. ගිලන් රථයක් කැඳවා මාතලේ මහ රෝහලට රැගෙන ගිය බව සුමිත් කියයි.
එදා සිට දින දාහතරක කාලයක් ඇය ඇසක් වත් ඇර බැලුවේ නැති බවද පවසයි .දින දාහතරක කාලයක් මාතලේ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව ඔහු පැවසුවේය .
නිරෝෂා නිල්මිණි කුමාරි ජනවාරි මස 14 වන දින සදහටම දියණියන් දෙදෙනාත්, සැමියාත් අත හැර ගිය ගිය බව දැඩි සංවේගයෙන් යුතුව මෙම සැමියා අප සමග පැවසීය.
තම බිරිඳගේ මියයාම සම්බන්ධයෙන් ඇයට කුමක් වූයේද යන්න තවමත් විශ්වාසයක් නොමැත . ඇයගේ ශරීරයේ කොටස් මේ වන විට පරීක්ෂණාගාර වලට යවා ඇති බව හෙතෙම සඳහන් කළේය.
මාසයකුත් දින කිහිපයක් ගත වූ මෙම නිවුන් දියණියන් දෙදෙනා ජීවත් කර කරවීම සඳහා ඔහු විවිධ දුෂ්කරතාවයන් වලට මුහුණ දෙමින් සිටි . තම සහෝදරයන් ගේ බිරියන් දෙදෙනා සහ අසනීප අම්මගෙන් තම දරුවන් රැකබලා ගැනීම සඳහා විශාල සහයෝගයක් ලැබෙන බව හෙතෙම සඳහන් කළේය .ගමේ කවුරුන්හෝ ගෙනත් දෙන කිරිපිටි පැකට්ටුව කින් මෙම දරුවන්ගේ දිවි රැකගැනීමට ඔවුන්ට සිදුව තිබේ.
දිනකට කිරිපිටි පැකට් එක හමාරක පමණ ප්‍රමාණයක් අවැසි බව ඔහු කියයි.
දරුවන් දෙදෙනාගේ රෙදි පෙරදි සෝදා පවිත්‍ර කිරීම්,කිරි සැකසීම් ,නිවස පිරිසිදු කිරීම් ආදී විවිධ වැඩ කටයුතු මෙන්ම දරුවන් දෙදෙනෙකුගේ කටයුතු රැසක් මේ වනවිටත් සුමිත් කුමාර මහතා දැඩි ආදරයෙන් විශ්වාසයෙන් යුතුව සිදුකරන බව සඳහන් කළේය.
නිවුන් දරුවන්ගේ පියා ඉතා සංවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පියවරුන්ට කිරි එරෙන බව තමා අසා ඇති බවත් තමන්ට ද අනිවාර්යෙන් කිරි එරෙවි යැයි විශ්වාසයක් පවතින බවය
විශ්වාසය කෙසේ ස්ථිර වේ දැයි අපට සිතාගත ගැගැනීමට නොහැකි ය. එහෙත් එතකම් දරුවන්ට කුසගින්නේ සිටීමට නොහැකිය .ඉතා දුෂ්කර ගම්මානයක ජීවත්වන ඔහු ගමේ අයගෙන් ලැබෙන සහයෝගයෙන් කිරි පැකට්ටුවක් රැගෙන එන බව කියයි.
දරුවන් දෙදෙනා ජීවත් කර කරවීමට යම්කිසි හෝ උපකාරයක් කාට හෝ සිදු කිරීමට හැකි නම් එය මහත් උපකාරී වනු ඇත
සුමිත් කුමාර මහතා සම්බන්ධ කළ හැකි ක්‍රමය
ඒ. ජී. සුමිත් කුමාර කරුණාරත්න ආදාවල මඩවල උල්පත, මාතලේ, දුරකථන අංකය 077 39 38 802 තෙරුවන් සරණයි අපි අසරණ සරණ සුභ සාධක පදනම මේ පුංචි දරු පැටව් දෙදෙනා වෙනුවෙන් මෙම නිවාසය සාදා ගැනීම සඳහා පින් කැමති ඔබ දායක වන්න පුංචි මල් කැකුළු දේකට නොතෙමී ඉන්න ට නිවාසයක් සාදා දීම සඳහා ඔබ සැමදෙනා අනුකම්පාවෙන් මේ පුංචි දරු පැටව් දෙන්නා ට උදව් උපකාර කරන්න පුළුවන් අපි අසරණ සරණ සුභ සාධක පදනම දුරකථන අංකය 0771009183/ 0701939358/ තව මාස හයකින් one+2කිරි පැකට් අත්‍යවශ්‍ය ..ඔබ සැම දෙනා සැමදෙනා උදව් උපකාර කරන්න…