27.2 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල ගාස්තු වැඩි කරන්න කමිටුවක්

ජල ගාස්තු වැඩි කරන්න කමිටුවක්

විදුලි බිල ඉහළ යෑම නිසා ජල සම්පාදන වියදම 65%කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ පැවසුවේ 2012 වර්ෂයේ ජල ගාස්තු වැඩි කළ පසු නැවත ජල ගාස්තු වැඩි කර ඇත්තේ 2022 බව ත් කුමන අපහසුතා මැද වුවද ජනතාවට උසස් සේවාවක් ලබා දෙමින් ජල සම්පත් මණ්ඩලය මේ දක්වා කටයුතු කරගෙන යන බවත් ඇය අවධාරණය කළාය.

ජල සම්පාදන මණ්ඩලය ලබා ගෙන ඇති දේශීය හා විදේශිය ණය පියවා ගැනීමට දැනට මණ්ඩලයට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බව පැවසූ ඇය වැඩිදුරටත් සඳහන් කළේ විදුලි බිල වැඩි වීමට පෙර එය කෙසේ හෝ කළමනාකරණය කර ගත් නමුත් දැන් එය කළ නොහැකි තත්ත්වයට මුහුණ දී සිටින බවයි.