― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldටොයෝටා හා හොන්ඩා සේවකයන්ට ඉහළම වැටුප් වර්ධකයක්

ටොයෝටා හා හොන්ඩා සේවකයන්ට ඉහළම වැටුප් වර්ධකයක්

ජපානයේ ප්‍රමුඛතම මෝටර් වාහන නිෂ්පාදන සමාගම් ද්විතයක් වන ටොයෝටා සහ හොන්ඩා සමාගම් දශක කිහිපයකට පසුව තම සේවකයන් වෙනුවෙන් විශාලතම වැටුප් වර්ධකයක් ලබාදීම වෙනුවෙන් සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව ලෝකයේ විශාලම මෝටර් වාහන නිෂාපාදකයා වන ටොයෝටා සමාගම බදාදා සඳහන් කර ඇත්තේ දශක දෙකකට පසුව ලබාදෙන විශාලම වැටුප් වැඩිවීම වෙනුවෙන් පළමු වටයේ සාකච්ඡාවලදී එකඟතාවයකට පැමිණි බවයි.

කෙසේවෙතත් වැටුප් වැඩිවන ප්‍රතිශතය පිළිබඳව සඳහනක් නොවේ. ඉන් අනතුරුව හොන්ඩා සමාගම නිවේදනය කළේ වසර 30 ක පමණ කාලයකට පසුව තම සේවකයන්ගේ මූලික වැටුප වෙනුවෙන් ලබාදෙන වැඩිම ප්‍රතිශතාංක වැටුප් වැඩිවීම ලබාදෙන බවත් ඒ අනුව තම සේවකයන්ගේ මූලික වැටුප සියයට 5කින් වැඩි කරන බවත්ය.

මේ වන විට ජපානය තුළ උද්ධමනය ඉහළ යමින් පවතින අතර ඒ හේතුවෙන් ජනතාව අතර යම් විවේචනයක්ද එල්ල වී තිබේ.