24.5 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවි මහත්තුරුන්ට තවත් මිලියන 56,000ක්

ගොවි මහත්තුරුන්ට තවත් මිලියන 56,000ක්

ගොවීන්ගේ වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීමට රජය විසින් මේ වසරේදී රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන්කර තිබේ.

විශේෂයෙන් ගොවීන්ට තම නිෂ්පාදන සඳහා වැය වන පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම මුදල ලබාදෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ වනවිට වගා කටයුතුවල යෙදීමේදී වියදම් ඉහළ යාම නිසා අස්වනු නෙලීමෙන් පසු ප්‍රමාණවත් තරම් ලාභයක් නොලැබෙන බවට ගොවීන් මැසිවිලි නැගීම හේතුවෙන් අදාළ මුදල ගොවි ජනතාවට සහන සැලසීමට පියවර ගෙන ඇත.