27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුව කෝටිපතියන්ට, ප්‍රකෝටිපතියන්ට විතරක් බදු සහන දුන්නා

ආණ්ඩුව කෝටිපතියන්ට, ප්‍රකෝටිපතියන්ට විතරක් බදු සහන දුන්නා

ජනාධිපතිවරණයෙන් බලයට ආ ගමන්ම කෝටිපතියන්ට, ප්‍රකෝටිපතියන්ට බදු සහන දුන් ආණ්ඩුව අද මේ බරපතල කඩා වැටීමට වගකිව යුතුව ඇති බවත් පොහොර තහනම් කළ ආණ්ඩුව ගොවීන්ගේ ආදායම විනාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

හම්බන්තොට, මුල්කිරිගල ආසනයේ සමගි ජනබලවේගයේ  මිද්දෙනිය ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

කර්මාන්තශාලා ටික වැසෙමින් යන අතර අපේ රටට ලැබුණු ඍජු විදේශීය ආයෝජන අද පහලටම වැටී තිබෙන බවත් ඒ හැම ප්‍රශ්නෙටම ආණ්ඩුවට තිබෙන උත්තරය කොරෝනා බවත් එහිදී විපක්ෂ නායකවරයා කීය.

කොරෝනා ව්‍යසනය මැදද නැගී සිටි රටවල් ඇති බව ආණ්ඩුව අමතක කොට ඇති බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයෙන් බලයට ආ ගමන්ම කෝටිපතියන්ට, ප්‍රකෝටිපතියන්ට බදු සහන දුන් ආණ්ඩුව අද මේ බරපතල කඩා වැටීමට වගකිව යුතුව ඇති බවයි.